Testo Chandrayan Pidu - Daddy feat. Sankha Bopearachchi
Testo della canzone Chandrayan Pidu (Daddy feat. Sankha Bopearachchi), tratta dall'album Massina
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා
හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ සිරවුයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ
අර්ථය ලැබුවේ
කඳුලැල් දිය දහරා
නෙතඟින් නොකැඩී ගලා ගියේ
මා තනි වී
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ
චන්ද්රයන් පිදූ
කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ
මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්)
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ
වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹීලා සැමදා ඔබගේ
කැළුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ
ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී
චන්ද්රයන් පිදූ
කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ
මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්)
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ
චන්ද්රයන් පිදූ
කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ
මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්)
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ
Credits
Writer(s): Daddy
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.