Testo Yannam - Nisal Gamage feat. Piyath Rajapakse & Lahiru De Costa
Testo della canzone Yannam (Nisal Gamage feat. Piyath Rajapakse & Lahiru De Costa), tratta dall'album Yannam
දුරින් පායනා සඳ වගේ පෙනෙනවා
තරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා
දුරින් මා දිහා ඔබ බලා හිඳිනවා
තව හිතින් මා සිතා මව මවා බැඳෙනවා
ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ
යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
නෙතින් වේදනා තව කඩා හැලෙනවා
මතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා
යලිත් මා සිතා එන තුරා හිඳිනවා
හදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා
ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ
යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
Credits
Writer(s): Nisal Gamage
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.